Wednesday, February 22, 2012

සුදු අැදුම

පංතියෙ ළමයි
ලක් කළ විට විහිලුවට
යන්නට බැරිය
ඉසිකොලෙට මට තනිව
ඉරුණු කමිසයට
අණ්ඩක් මට දාලා
දුනනෙ අම්ම
මට බැහැ කිව් නිස යන්න
නැති බැරි කමටමයි
ගියෙ මා ඉස්කොලෙ
දැක්මට මගෙ සිහිනය
අැස් ඉදිරිපිට
ඒක නිසයි අැන්දෙ
මෙ අවුරුද්දෙ
අණ්ඩ දාපු කමිසය
බෑ නො කියා ම
ලැබෙන තුරා රජයෙන්
මට සුදු රෙද්ද
ඉවසා ඉදිමි
කම් නෑ මට ලැජ්ජාව
ඉන්නට බැරිය
හෙට පවතින තරගයට
ගැලවී අැති නිසා
කලිසමෙ බොත්තම් ද
අද හෙට දෙයි ද
නොදිම ඉදියි ද
සුදු රෙද්ද
මට බැරි වෙයි ද
වාසිටි යන්න
බාදා වෙයි ද
සුදු  රෙද්ද

Sunday, February 19, 2012

වෙ නම් ජිවිතෙත් කවියක් මගෙ අද ම


නිමිත්ත:

blog එකට දාන්නට
එක ම එක කවියක් මං
ලිව්වා දවස් ගානක්
පෙරා ගෙන දාඩිය
වෙහෙසවා මොලයත්
තට ම තටමා
අායාසයෙන්
දාන්දො නොදාන් දෝ
කියලත් සිතෙයි මට
කවියක් ලිවුවෙ අදමයි
ජිවිතෙට ම
රසයක් නැතිව
ගලනා ජිවිතේකට
කවියක් එයිද
ලියුමට blog දාන්නට
වේ නම් ජිවිතෙත්
කවියක් මගෙ අද ම
බැරි යැයි ලියන්නට
කවි දහසක් වුව ද
එතකොට මටත් පුළුවනි
blog තරගයට
බයක් නැතිව දෙන්නට
කවි කියවන්න