Thursday, December 29, 2011

It Is a Gift Of God For Me

යමු අපි අපේ ගමන
තව තව කරදර එනු ඇත
නෙතකා එ ගැන යමු පෙරට
නගිමු ගිරි දුර්ග
නොහැකි නම් පියඹන්න
දුවමු ඉදිරියට
නොහැකි නම් දුවන්නටත්
ඇවිදගෙන යමු
බැරි නම් එත්
ඇදෙමු ඉදිරියට
බඩගාගෙන හෝ
හැකි හෑම ආකාරයකින් ම
යමු අපි අපේ ගමන
                                                                        -මාර්ටින් ලූතර් කිං-

                 යෝධ මාවතක පුංචි පියවරක් තබා මෙවර A/L විභාගයෙන් ජය ලබා ගැනීමට මට හැකි විය.හැමදාම රෑට පොළොව දෙස කර ගැට එනතෙක් බලාගෙන ඉන්න පුංචි ම පුංචි තාරුකාවක් වගේ මම ද නිදි නොමරා පාඩම් කර මුහුණ දුන් විභාගය අවසන් වු පසු කර ගැට ආපු ඇස් දෙකෙන් බලා සිටියේ කවර දින ද මාගේ Fantasy මාගේ දෙනෙත් ඉදිරි පිට සැබෑ වන්නේ කියා ය.දින සති ගෙවි මාස ගණන් ගත වුයේ එ සිහිනය තව තවත් අලුත් කරමින් ය.අවසන මාගේ සිහිනය මා ඉදිරිපිට සැබෑ විය.මෙච්චරකල් ඇස් පියාගෙන බලපු හීනය ඇස් දෙක ඇරගෙන ම මට බැලිමට හැකි විය.ඉස්සර ඇස් පියාගෙන බැලුව එ හීනේ අද ඇස් දෙක ඇරගෙන ම ගොඩාක් ලස්සනට මම විදිනවා.
                         කලා විෂය ධාරාව යටතේ පෙනී සිටිය මා හට,
                                                Sinhala-"A"
                                                Political science-"A"
                                                Agri science-"B"
                              ලබා ගැනීමට හැකි විය.Z-score අගය 1.6017 ලබා ගත් මා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 18 වෙනියාට ද මුලු දිවයිනෙන් ම 2666 වෙනියාට සිටියි.8355207 යන විභාහග අංකයෙන් පෙනී සිටිය මා මේ ලත් ජයග්‍රහනය දෙවියන් මට ලබා දුන් තෑග්ගක් ලෙස මම සලකමි.

Wednesday, December 7, 2011

හිඩැස

නො ගෙන යම් කිසිවක් ඹබෙන්
විදු මෑණියනි
පුරා වසර දහ අට තුළ
ලබා ගත් සියලු දෑ
මතකයේ තබා ගෙන
නො පමාව පිට කිරීමට
ඉවසීමෙන් බලා සිටියෙමි
දින සති ගෙවූ දා
එළඹීය බලා සිටි දවස ද
පෙරමුණට යොදා දකුණු පය
ගියේ විභාග ශාලාව වෙත
ලැබුණු විට ප්‍රශ්න ටික
නො පමාව පිළිතුර ද
ලියා කොළවල එකට අමුණා
තබා ආවෙම් ශාලාව තුළ
අදින් පසු නැත නැවත පාසල්
අදින් පසු ඇත නැවත ප්‍රශ්නත්
මතකයේ නැත තවත්
ඉගැන් වු සියලු දේ
ඵලක් නැත ලද දැනුම
ගෙවන්නට ජීවිතේ
දැනුයි මට තේරෙන්නෙ
විදුහලට ගියෙත් මම
හිස්ම හිස් බවකින් ය
නැවත ආපිට පිටට ආවෙත්
හිස්ම හිස් බවකින් ය......................

Wednesday, November 30, 2011

අහිමි නුඹ

මිනිසෙකුට ජීවිතේට අත් විදිය හැකි කටුක ම අත්දැකීම තනිකම කියලා මම අද අත්දැකීමෙන් ම දනිමි.ඒදා අැය මා ළඟ සිටිය දී මා අැයට අාදරය කළා මදි නොවෙදැයි කියා දැන් මට සිතේ.මමත් මාගේ දරු පැටියාත් නුඹත් දිවි ගෙව් අපේ කුඩා පැල්පත මාලිගයක් වී තිබූ සැටි මට මැවි මවී පෙනේ. ඒහෙත් මාගේ ජීවිතයේ මා විදි මුලු මහත් අානන්දයේ ම මතකය පමනක් රදවා තබා අැය නොපෙනී ගියේ සිහිනයක් මෙන් ය.

ඒදා උදේ ඹයාට ගොඩක් අමාරුයි කියලා දන්නවා නම් මම කොහොමටවත් වැඩට යන්නේ නෑ.
ඒත් මට අදයි තේරෙන්නෙ ඹයාට ඒදා ගොඩාක් අමාරුවක් තිබිලා මගෙන් හංගගෙන හිටිය වග .මොකද ඒදා දවසේ මම වැඩට නො ගිහින් සිටියා නම් ඒදා අපි දෙන්නයි අපේ දරු පැටිය යි තුන් දෙනා ම බඩගින්නේ ඉන්න සිද්ද වෙයි කියලා ඹයා දැනෙගෙන හිටියා.ඒ නිසයි ඹයා මට මුකුත් කිව්වේ නැත්තේ.ඒත් මම කවදාවත් හිතුවේ නෑ ඹයාට වරින් වර තිබුණ සිහින් හිසරදය ඹය තරම් බලගතු වෙලා සදහට ම අපිව අෑත් කරන්න පුලුවන් වෙයි කියලා .නුඹේ දෙමව්පියනුත් මගේ දෙමව්පියනුත්අපට අහිම් වු පසු අප දෙදෙනාගේ තනිය පාලුව මැකුවේ චුටි පුතා ය.

වෙනදා මෙන් වැඩ අැරි ගෙදර අාපු මට සැලවුයේ නුඹ හදිස්සියේ ම රෝහල් ගත කළ බව යි.ඒ අාරන්ච්ය සැල වූ මම වැටි වැටී ම රෝහල වෙත අාවෙමි.ඒ ඒනකොට ම මට රෝහල් කොරිඩෝවේදි ම හමු වු ෙවෙද්‍යවරයෙකු ගෙන් ඹබ පිලිබද ව දැන ගතිමි.ඒහෙත් ඒ මා සිහිනෙත් වත් අැසීමට බලාපොරොත්තු වුවක් නොවේ .මාගේ දෙපා ගැහෙන්නට විය.ඹබ සොයා ගෙන මා ඉදිරියට යද්දී ඹබේ මෘත දේහය සුදු රෙදි කඩකින් වසා මෘත ශරීරාගාරය වෙත රැගෙන යමින් තිබිණ.අහින්සක ලෙස සිනාසී මා සමඟ ම ගත කළ ඹබට ඒසේ නොකරන ලෙස මම දහස්වර කෑ ගසා කීවෙමි.

අසල්වාසීන් ඥාති මිතයින් පැමිණ මට අායුබෝවන් කියා ගියහ.මම ද නිහඩව සියල්ල දරා සිටිමි.අැතමුන් පැමිණ ඹබව භූමිදානය කරන්නේ කොතැන දැයි මගෙන් විමසයි. ඹබව භූමිදානය කිරීමට මම සිහිනෙකින් වත් සිතා සිටියේ නැත.දෙවියන් පවා මා අමතක කර අැතුවා සේ මට සිතුනි. ඒහෙත් නුඹ මේ සියල්ල ම සුපුරුදු සිනහවෙන් ම මුව සරසා ගෙයි සාලයේ උඩුකුරුව අසා සිටියි.මම නුඹව කොහො ම ගෙන යෑමට දෙන්න ද නුඹ ගිය පසු නැවත ඒනවා නම් මට නුඹව යැවිය හැකි ය.

ඒහෙත් ඒක් අදුරු මූසල සන්ද්‍යාවක මා බලා සිටිද්දී ම ඹබව අපේ පැල්පතෙන් ගෙන ඹබගේ දෙන අවමගුල් පෙරහැරකින් සොහොන් බිම කරා රුගෙන ගියේ ය.මා සිහිසුන්ව අැද වැටුනු වාර අනන්තයි.සියල්ල ම ඹබව වලක දමා ඒ මත පස් විසි කර ඹබව වසා දමද්දී මම ශාප කළෙමි.මට තිබුණු ඒක ම ඒක සන්තකය දුක නැතිව පසට නිදන් කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.නමුත් මා අසරණයි.ටික මොහොතකින් රැස්ව සිටි හැම දෙනා ම මටත් නොකියා ම යන්ට ගිය හ. කීප දෙනෙක් මා අසල රුදී සිටිය හ.ඒතනින් ඒහා මා ජීවත් වන්නේ කෙසේ දැයි කියා  සිතා ගන්නට තරම් වත් මට ශක්තියක් නැත.

අද ඹබගේ හත් දවසේ දානෙයි කිසිවෙකුට ඹබව මතක තිබුනේ නෑ.සියලු දෙනා ආවේ මළ ගෙදරට පමණි. මම වයස අවුරුදු පහක චුටි පුතාත් එක්ක මේ ගෙදර තනියෙන් ය.කවුරුවත් දානෙට නො ආව ද මම තනිව ම කෑම පිස ගමේ පන්සලට ගෙන ගොස් පිරිනැමුවෙම්.උන්වහන්සේලා ඹබට පින් දුන්හ.ඹබ වෙනුවෙන් ඊට වඩා වැඩි යමක් කිරීමට සිතක් අතත් මට ශක්තියක් නෑ.දැන් වේලාව රෑ එකොළහත් පසු වෙලා එත් මම තව ම දරු පැටියාත් උකුලේ හොවා ගෙන පිලකඩ මත ය.ඉක්මනින් නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා මටත් ඹහේට ඇවිත් නැවත ඹබත් සමඟ ම එන්න හිතෙන වාර අනන්තයි.එත් මාගේ ජිවිතය ආරක්ෂා කිරීම උදෙසා ම ඹබ මට තිළිණ කර ගිය වස්තුව මහා පුදුම යි.අද මා සන්තකව ඇත්තේ ද එ දරු පැටියා පමණි.




Thursday, November 24, 2011

නැවත එනව ද දියණියනි ,මනමේ

නිදහස් වෙන්න නෙවෙයි
හෙට ඹබෙන්
දුන්නෙ මනමෙ කුමරුට
දිසාපාමෙක් උණාට සිසු කැලට
වගකීම් සහිත පියෙකි මම නුඹට
දන්නවා නම් පුවත හරි හැටි
දෙන්නෙ නෑ දුවෙ මම ඹහුට
ධනුද්ධර උණාට මට ඹහුව
ඹබට හිස් සැමියෙකු ය
යටවෙලා පුරුෂාධිපත්‍යයට
නැති කළා නෙවෙ ද ඹහු
වටිනා ම ඹබෙ දිවිය
වැරදි නම් නුඹෙ පියත්
තියන්නට උන්ඩයක්
උස්සන්නම් අත් ඉහලට
හදවත පසාරු කර ගියත්
බනින් නෑ මම නුඹට
එ උනත් දැන් ඉතින්
පරක්කුයි නුඹෙ පියා
දැනෙන විට හරි වැරදි
අයෙනම් ඹ්න නෑ
අචාර පට්ටම් ද
පදවි තානාන්තර
ඉවසුවා අති තවත්
සැරසෙන්න සටනකට
නැති වුනත් කවුරුවත්
තනි වුනත් ලෝකයෙ
සුන් කරන්නම්
ඹය කියන අාධිපත්‍යය
එතකොට වත් නුඹට
අායෙමත් අාවැහැකි
දියණිය වි මගෙ ම
බියවන්න එපා නුඹ
ආවොතින් අයෙමත්
රැවටෙන්නෙ නෑ තවත්
දෙන්න නම් මනමෙට
වැද වැටී ඉල්ලුවත්
වටිනා ම ඹබෙ දිවිය

Wednesday, November 23, 2011

ලැහැස්තියි සටනකට අපි සැමත්

කොළ හැලුණු රබර් ගස්
ලහි ලහියෙ සැරසෙන්නෙ
පිළිගන්න අමුත්තන්
මල් මාල පලන්දා

පාරේ යන අය ද
ලස්සනට දළු දැරූ
ගස් දිහා බල බලා
බිම හැලුණ කොළ උඩ ම
යනු පෙනේ දුක නැතිව

හැලුණු කොල සියල්ල ම
සුළඟ සමඟ එකතු වී
හැම තැන ම කසු කුසුව
සැරසෙන්න සටනකට
අසා‍ධාරණයක් වු විලස

අලුතින් ම දළු දැරූ
සිඟිති කොළ සියල්ල ම
සතුටින් ම උදම් වී
අඩි තබා නටන සැටි
මහළු වී බිම හැලුණු
කොළ බලා දුක් වේවි
තමනුත් මේ වගේ
උදම් වී සිටි සැටිය
මතකයේ ඇත තව ම
මේ සිඟිති දළු ටික ද
මහළු වු විට දි අප විලස
බිම දමා පාගවා
පො‍ළොවට ම පස් වේවි
අභිරහස් මරණයක
වරදකරුවෙකු නැති විලස

වගකිව යුත්තෙක් සිටියි නම්
මේ සැමට
ලැහැස්තියි සටනකට
සැරසෙන්න අපි සැමත්
ඉල්ල ගන්නට
පෑගිලා යන අපේ අයිතිය

මම උඹට පොඩි උණත්

දිව බොජුන් වළදින්න
සුර දෙවිදු දැක ගන්න
අහස වෙත දිවයන්න
ඇයි ද ඹබ වෙහෙසෙන්නෙ
ඹබට වාරු දෙන
මහ පොළොව වෙත
නැති ද ඹබ සළකන්නෙ
මතක තියා ගන්න පොල් ගහ
මම උඹට පොඩි උණත්
අහස අල්ලන්න බැරි උණත්
වල් ගහක් උණත් මම
උඹට වඩා ඉක්මනින්
මහ පොළොව සිප ගන්න
ඉක්මනින් පහසු බව

Thursday, November 3, 2011

කිසාගෝතමියක ලෙසින් ඇය

නො‍මළ බිළිදෙකු කර හොවාගෙන
බස් රියක් බස් රියක් පාසා
ඇවිද ගෙන යන මවක් දුටුවෙමි
දෑස් කදුළින් තෙමි අඳ වුණ

දුරතියා එන විට දි හෙමිහිට
කිසාගෝතමිය කියා සිතුනි මට
මැරුණු බිළි‍දෙකු නොවෙයි ඇය අත
නොමළ බිළිදෙකි සෙමෙන් මිය යන

ඇවිත් හෙමිහිට සිනාවක් පා
ගොඩ වීය ඇය මා ද සිටි බසයට
නැග ඇවිත් ඉල්ලා ද සිටියේ
හබ ටිකක් නොව සුළු උදව්ව කි

සෙමෙන් මිය යන තම එක ම පුතු
ඉපදුනේ රෝගියෙකු ලෙස ම ය
ජීවිතයට ම ඇති එක වස්තුව
රැකගැනීමට උදව් අවැසි ය

සිහිවීය මට මගෙද අම්මා
වෙහෙසෙනා හැටි මෙ වන් අයුරින්
දුක සිතී මා අත මුදල් සැම
ලබා දුන්නෙමි විගස ඇය හට

ගෙදර යෑමට මුදල් නැති බව
සිහිවුයේ මට ඊට පසුව ය
දෙලොව සිහිවිය එවිට මා හට
අසරණයි මා ඇයට වැඩියෙන්

Wednesday, November 2, 2011

වීර සෙබළා ඇසු ප්‍රශ්නය

ලැබු මුල් කාලයේ
නිදහසේ නාමයෙන්
දීපයේ හැමතැන ම
මහා සැනකෙළි රුසක්
සිදු කළා බිය නැතිව
පත පොතේ ඇති වදන්
රසවුව ද හැම දෙනට
ඹය කියන තරමට ම
සොඳුරු නැත එම ගමන
කන්න නෑ බොන්න නෑ
නිදියන්න තැනක් නෑ
එ වුණත් කොහොම හරි
පැරදුවා සතුරන්ව
එ වුණත් මට තව ම
තිබෙනවා ප්‍රශ්නයක්
අසන්නට ඉතූරු ව්
මුල් ම දින කිහිපයේ
නැගූ බස් රියෙ පවා
අඩ ගසා දුනි අසුන්
කාලයා ගෙව් ගොස්
ලොව දැකීමට පවා
දෙනෙත් අඳ වු මෙ මට
ආබාධ්තයන් සඳහා
වෙන් කෙරූ අසුනෙවත්
ඉඩක් නැත්තේ ඇයි ද
ව්ර සෙබළෙක් වුව ද...........