මිනිසෙකුට ජීවිතේට අත් විදිය හැකි කටුක ම අත්දැකීම තනිකම කියලා මම අද අත්දැකීමෙන් ම දනිමි.ඒදා අැය මා ළඟ සිටිය දී මා අැයට අාදරය කළා මදි නොවෙදැයි කියා දැන් මට සිතේ.මමත් මාගේ දරු පැටියාත් නුඹත් දිවි ගෙව් අපේ කුඩා පැල්පත මාලිගයක් වී තිබූ සැටි මට මැවි මවී පෙනේ. ඒහෙත් මාගේ ජීවිතයේ මා විදි මුලු මහත් අානන්දයේ ම මතකය පමනක් රදවා තබා අැය නොපෙනී ගියේ සිහිනයක් මෙන් ය.
ඒත් මට අදයි තේරෙන්නෙ ඹයාට ඒදා ගොඩාක් අමාරුවක් තිබිලා මගෙන් හංගගෙන හිටිය වග .මොකද ඒදා දවසේ මම වැඩට නො ගිහින් සිටියා නම් ඒදා අපි දෙන්නයි අපේ දරු පැටිය යි තුන් දෙනා ම බඩගින්නේ ඉන්න සිද්ද වෙයි කියලා ඹයා දැනෙගෙන හිටියා.ඒ නිසයි ඹයා මට මුකුත් කිව්වේ නැත්තේ.ඒත් මම කවදාවත් හිතුවේ නෑ ඹයාට වරින් වර තිබුණ සිහින් හිසරදය ඹය තරම් බලගතු වෙලා සදහට ම අපිව අෑත් කරන්න පුලුවන් වෙයි කියලා .නුඹේ දෙමව්පියනුත් මගේ දෙමව්පියනුත්අපට අහිම් වු පසු අප දෙදෙනාගේ තනිය පාලුව මැකුවේ චුටි පුතා ය.
වෙනදා මෙන් වැඩ අැරි ගෙදර අාපු මට සැලවුයේ නුඹ හදිස්සියේ ම රෝහල් ගත කළ බව යි.ඒ අාරන්ච්ය සැල වූ මම වැටි වැටී ම රෝහල වෙත අාවෙමි.ඒ ඒනකොට ම මට රෝහල් කොරිඩෝවේදි ම හමු වු ෙවෙද්‍යවරයෙකු ගෙන් ඹබ පිලිබද ව දැන ගතිමි.ඒහෙත් ඒ මා සිහිනෙත් වත් අැසීමට බලාපොරොත්තු වුවක් නොවේ .මාගේ දෙපා ගැහෙන්නට විය.ඹබ සොයා ගෙන මා ඉදිරියට යද්දී ඹබේ මෘත දේහය සුදු රෙදි කඩකින් වසා මෘත ශරීරාගාරය වෙත රැගෙන යමින් තිබිණ.අහින්සක ලෙස සිනාසී මා සමඟ ම ගත කළ ඹබට ඒසේ නොකරන ලෙස මම දහස්වර කෑ ගසා කීවෙමි.
අසල්වාසීන් ඥාති මිතයින් පැමිණ මට අායුබෝවන් කියා ගියහ.මම ද නිහඩව සියල්ල දරා සිටිමි.අැතමුන් පැමිණ ඹබව භූමිදානය කරන්නේ කොතැන දැයි මගෙන් විමසයි. ඹබව භූමිදානය කිරීමට මම සිහිනෙකින් වත් සිතා සිටියේ නැත.දෙවියන් පවා මා අමතක කර අැතුවා සේ මට සිතුනි. ඒහෙත් නුඹ මේ සියල්ල ම සුපුරුදු සිනහවෙන් ම මුව සරසා ගෙයි සාලයේ උඩුකුරුව අසා සිටියි.මම නුඹව කොහො ම ගෙන යෑමට දෙන්න ද නුඹ ගිය පසු නැවත ඒනවා නම් මට නුඹව යැවිය හැකි ය.
ඒහෙත් ඒක් අදුරු මූසල සන්ද්‍යාවක මා බලා සිටිද්දී ම ඹබව අපේ පැල්පතෙන් ගෙන ඹබගේ දෙන අවමගුල් පෙරහැරකින් සොහොන් බිම කරා රුගෙන ගියේ ය.මා සිහිසුන්ව අැද වැටුනු වාර අනන්තයි.සියල්ල ම ඹබව වලක දමා ඒ මත පස් විසි කර ඹබව වසා දමද්දී මම ශාප කළෙමි.මට තිබුණු ඒක ම ඒක සන්තකය දුක නැතිව පසට නිදන් කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.නමුත් මා අසරණයි.ටික මොහොතකින් රැස්ව සිටි හැම දෙනා ම මටත් නොකියා ම යන්ට ගිය හ. කීප දෙනෙක් මා අසල රුදී සිටිය හ.ඒතනින් ඒහා මා ජීවත් වන්නේ කෙසේ දැයි කියා සිතා ගන්නට තරම් වත් මට ශක්තියක් නැත.
අද ඹබගේ හත් දවසේ දානෙයි කිසිවෙකුට ඹබව මතක තිබුනේ නෑ.සියලු දෙනා ආවේ මළ ගෙදරට පමණි. මම වයස අවුරුදු පහක චුටි පුතාත් එක්ක මේ ගෙදර තනියෙන් ය.කවුරුවත් දානෙට නො ආව ද මම තනිව ම කෑම පිස ගමේ පන්සලට ගෙන ගොස් පිරිනැමුවෙම්.උන්වහන්සේලා ඹබට පින් දුන්හ.ඹබ වෙනුවෙන් ඊට වඩා වැඩි යමක් කිරීමට සිතක් අතත් මට ශක්තියක් නෑ.දැන් වේලාව රෑ එකොළහත් පසු වෙලා එත් මම තව ම දරු පැටියාත් උකුලේ හොවා ගෙන පිලකඩ මත ය.ඉක්මනින් නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා මටත් ඹහේට ඇවිත් නැවත ඹබත් සමඟ ම එන්න හිතෙන වාර අනන්තයි.එත් මාගේ ජිවිතය ආරක්ෂා කිරීම උදෙසා ම ඹබ මට තිළිණ කර ගිය වස්තුව මහා පුදුම යි.අද මා සන්තකව ඇත්තේ ද එ දරු පැටියා පමණි.